Tip:
Highlight text to annotate it
X
ජීවිත ආරක්ෂා කරගන්න ජලය සුරකින්න
පෘතිවියේ ඕනතරමි ගස්කොලන් තියෙනවා.
මේ වතුර හරිම පිරිසිදුයි. සෙල්ලම් කරන්න ඕන!
මේ වතුර හරි සීතලයි. ස්වර්ගයේ හරිම රස්නයක් තියෙන්නේ. එහේ වතුර නැහැ.
අදත් මම ආවා සෙල්ලම් කරන්න. ඊයේ මේ වතුර පිරිසිදුවට තිබුණා.
ඕහ්! අද මෙතන සෑහෙන්න කුණු දාලා. මම යනවා ආපහු ගෙදර යන්න.
මගේ ගෙදර සෑහෙන්න කුණු තියෙනවා.
ඔව්. මමත් රෙදි හෝදන්න ඕන.
ඕහ්! මනුෂ්‍යයෝ හරිම නරකයි. ඇයි එයාලා කසළ බඳුන් වගේ නිසි තැන්වලට අපද්‍රව්‍ය දාන්නේ නැත්තේ?
ඇයි ඔයාලා වතුරට මේ විදියට කුණු දාන්නේ?
අපේ ගෙදර කසළ බඳුනක් නැහැ.
ඔයා කවුද?
මමත් ඔයාලා වගේම මුනුෂ්යයෙක්.
ඔයා කොහෙද ඉන්නේ?
මම ඉන්නේ මෙහේ.
කරැණාකරලා ඔයා දාපු ඔය කුණු ආපහු ගොඩට ගන්න.
බැහැ. මට කම්මැලියි.
ඔයා නරක මිනිහෙක්. මේ ගඟෙන් තමයි මම හැමදාම නාන්නේ.
ඔයා ඔය කුණු ආපහු ගත්තේ නැත්නම්, මම මේ වතුර ඔක්කොම අරන් යනවා. එතකොට ඔයාලට කිසිම දේකට වතුර නැතිවෙයි.
ඔයා කොහොමද එහෙම කරන්නේ?
අපි බලමු.
අපි බලමු.
දුවන්න, දුවන්න.
මල්ලි, ඇයි ඔයා මේ ගොඩක්වෙලා නිදාගෙන ඉන්නේ?
මට සනීප නැහැ.
ඕහ්, ඇඟ රස්නෙයි හොඳටම.
මම ගිහින් දෙවියන්ගෙන් අහන්නම්, ඇයි ඔයාට සනීප නැත්තේ තියලා.
හරි.
අද මම දෙවියන් ගාවට ගිහින් යදිනවා.
ඇයි ඔයා මෙහෙට ආවේ?
මම දන්නේ නැහැ ඇයි මගේ මල්ලිට අසනීප කියලා. එයා කවදාවත් මෙහෙම ඉඳල නැහැ. කරැණාකරල මට කියනවාද ඒ ඇයි කියලා?
මම එයාට කිව්වා, එයා වතුරට දාපු කුණු ආපහු ගන්න කියලා. එයා ඒක කෙරැවේ නැහැ.
මම ඒ කුණු ආපහු ගත්තොත් එයාට සනීප වෙයිද?
ඔයා කියපු විදියටම කෙරැවොත් මම එයාට උදව් කරන්නම්.
ඒවගේම ඔයාට පුලුවන්ද ආපහු ගඟට වතුර දෙන්න?
හරි.
හ්ම්… බලන්න ඕන එයාල වෙච්ච පොරොන්දුව රකිනවද කියලා. බලන්න ඕන එයාල ආපහු ගඟට කුණු දානවාද කියලා.
ඒයි! ඔයා කවුද? ඇයි ඔයා ගඟට කුණු දාන්නේ?
මමත් ඔයාල වගේම මනුෂ්‍යයෙක්.
ඇයි ඔයා මෙතෙන්ට කුණු දාන්නේ?
මට කසළ බඳුනක් නැහැ. ඒ නිසා මම මෙහෙට දානවා.
ඊළඟ සැරේ ඔයා කසළ බඳුනකට හරි කුණු වලකට හරි ඔය කුණු දාන්න. මේ ගඟට දාන්න එපා. මොකද අපිට ජීවත් වෙන්න මේ ගඟ ඕන.
ඔව්, මට තේරැනා.
දැන් මේ කුණු ටික ආපහු ගන්න.
දැන් වතුර පිරිසිඳුයි. අපි පොරොන්දු වුණා ආපහු ගඟට කුණු දාන්නේ නැහැ කියලා.
යේහ්!