Tip:
Highlight text to annotate it
X
තනිවයි උපන්නේ.. තනිවයි මැරෙන්නේ 2 00:00:12,00 --> 00:00:18,00 දුවේ..දුවේ..කෝ මේ ළමයි දෙන්නා. කොහෙද මන්ද?
දුවේ...
තාත්තේ..
මට බත් ඩිංගක් අරන් ආවනම්.
තාත්තා අදත් බීලනේ...
මගේ බීම නවත්තන්න ඔයා කවුද? බත් ඩිංගක් බෙදන් එන්නයි කිව්වේ.
තාත්තේ චුට්ටක් ඉන්න තාත්තේ. බත් එක ලිපේ. මං ඉක්මනට බෙදල දෙන්නම් දැං ඉදෙයිනේ. 9 00:00:34,00 --> 00:00:41,00 මම උගන්වන්නම් හොඳ පාඩමක් අද. උයන්නැතුව මොනවද මෙච්චර වෙලා කෙරැවේ? ආ… උයන් නැතුව…
අනේ අක්කට ගහන්න එපා තාත්තේ...
අනේ තාත්තේ… දෙන්නම දන්නෙන් නැහැ මගේ හැටි.
අනේ තාත්තේ මම ඉක්මනට උයන්නම්.
ඉක්මනට උයන්නම්.
කාටද අක්කේ ඔය ලියුම ලියන්නේ?
අම්මට නංගි.. 16 00:00:53,00 --> 00:00:57,00 අනේ අම්මට ඉක්මනට එන්න කියන්න අක්කේ.
දුවේ...
තාත්තා.. නංගි එන්න ඉක්මනට පාඩම් කරමු. ඉක්මනට ඉඳගන්න
තාත්තේ...
මම වැඩට යන්න හදන්නේ. මොනවත් ගේන්න තියෙනවද ඔයාලට?
නැහැ තාත්තේ. ගිහින් එන්න පරිස්සමින්.
එහෙනම් මම ගිහින් එන්නම් දුවේ.
තාත්තේ...
ආ.. දුවේ?
අදවත් සිහිකල්පනාවෙන් එනව නේද?
බලමුකෝ දුවේ...
අක්කේ යමුද අපි ලියුම තැපැල් කරල එන්න?
ඒක හොඳයි. ඉක්මනට ගිහින් ලැහැස්තිවෙලා එන්න තාත්තා එන්න කලින්. දැන් තාත්තත් එයි. යන්න
මේ ළමයි දෙන්න කොහේ ගිහිල්ලද මන්ද? දුවේ...
කෝ මේ ළමයි දෙන්නා?
ම්ම්ම්… මොකක්ද මේ?
තාත්තත් එක්ක ඉන්න බැහැ කරදරයි.
තාත්තත් එක්ක… කවුද මං ගැන මෙහෙම ලිය්නන හයියක් තියෙන්නේ? අම්මට කියල මට කොරයි අම්මට කියලා.
කවුද මේක ලිව්වේ?
තාත්තේ අපි ඇතුලට යමු තාත්තේ.
තාත්තේ… මෙහෙට දෙන්න කිව්වේ. දන්නෑ මගේ හැටි. කවුද මේක ලිව්වේ?
මොකක්ද තාත්තේ?
මේක මං මේ නිකං ලියපු එකක් තාත්තේ.
නිකං ලියන්නේ මොකටද? නිකං… ඇයි නිකං ලියන්නේ?
අනේ නෑ තාත්තේ
අම්ම සැප විඳින්න රට ගිහිල්ලා. අම්මට මෙහේ ලියුම් ලියන්න ආ...
එතකොට මං කවුද ආ...
නෑ තාත්තේ
අම්මට කියල මට කොරයි අම්මට කියලා. මහලොකු අම්මා.
දන්නෙන් නැහැ මගේ හැටි. අනේ ගහන්න එපා තාත්තේ.
අනේ මට මෙහේ ඉන්න බැහැ අක්කේ.
දන්නේ නැහැ මගේ හැටි.
අපි කොහේහරි යං අක්කේ...
නැන්දේ… නැන්දේ….
කෝ නංගි අම්මා...
අම්මේ…
ආ.. මේ දුවලනේ
ආ.. නැන්දේ...
ඇයි දුවල මේ පැත්තේ?
අනේ නැන්දේ පුලුවන්නම් අපි දවස් දෙක තුනකට ඉන්න දෙන්න
බැහැ බැහැ. ඔයාලට මෙහේ ඉන්න දෙන්න බැහැ. ඔයාලගේ තාත්තා අපිත් එක්ක රන්ඩුවටත් එයි.
අනේ… නැන්දේ...
කිව්වනේ එක සැරයක් බැහැ කියලා.
අපිටය වෙන යන්න දිහාවක් නැහැ නංගි. අම්ම එනකම් අපි මහ පාරටවත් වෙලා ඉමු.
චිකේ… මේ ළමයි දෙන්න කොහෙ ගිහිල්ලද දන්නෙනැහැ.
මේ ළමයි දෙන්නව කොහෙන්ද දැන් මම හොයාගන්නේ? බලන්න පුල්වන් හැම තැනකම බැලුවා.
මගේ බේබදුකම හන්ද තමයි මේ ඔක්කොම. (අම්මා දුවේ දුවේ කියා කතා කරයි)
දුවේ….
ආ.. ඔයා ආවද. මට දැන්වුවෙවත්වත් නැහැ.
කෝ මගේ ළමයි දෙන්නා? කියනවා මොනවද කරේ?
ළමයි දෙන්න ඊයෙ ඉඳන් ආගිය අතක් නැහැ.
තමුසේ ඔහොමද මගේ ළමය ිදෙන්නව බලාගත්තේ?
මම යනවා මගේ ළමයි දෙන්න හොයාගන්න.
අනේ දෙයියනේ මේ ළමයි දෙන්න කොහේ ගියාද? මම එනකම් චුට්ටක් ඉවසන්න බැරැ වුණානේ…..
කවද්ද අක්කේ අපේ අම්මා එන්නේ?
අඬන්න එපා නංගි. අම්මා ඉක්මනට එයි.
අන්න නංගි අම්මා...
අම්මේ… දුවේ….
අම්මා කවදද ආවේ?
හාහා අපි ඒව ගෙදර ගිහින් කතාකරමු. යමු පුතේ ගෙදර
ගෙදර යන්න බැහැ අම්මේ
ඇයි පුතේ ඒ?
තාත්තා ගහයි
නැහැ පුතේ
අනේ අම්මේ බැහැ අම්මේ
මෙහෙම ඉඳල හරියන්නේ නැහැ. කොහොම හරි ළමයි දෙන්නව හොයාගන්න ඕන.
අරයත් ගියා ළමයි දෙන්නව හොයන්න
කොහෙන්ද ඔයා ළමයි දෙන්නව හොයාගත්තේ? 83 00:04:37,00 --> 00:04:38,00 කොහෙන්ද හොයාගත්තේ?
මට ඉතිං සමාවෙන්න...
සමාවෙන්න. මගෙන් නෙමෙයි මේ ළමයි දෙන්නගෙන් සමාව ඉලනවා. 86
මට සමාවෙන්න දුවේ 87
කමක් නැහැ තාත්තේ.
එහෙනම් කට්ටිය එන්න යමු ඇතුලට
යමු දුවේ
අම්මා ආයෙමත් අපිව දාල රට යන්නේ නැහැ නේද? 91 00:04:55,00 --> 00:04:57,00 නැහැ දුවේ. මම ඔයාලව දාල ආයෙ කවදාවත් රට යන්නේ නැහැ. 92 00:04:58,00 -->00:05:01,00 ඇයි ඔයාට බැරිවුණේ ඔයිට කලින් අපිත් එක්ක ඔය විදියට ඉන්න?
දැං අපි සතුටින් ඉන්වනේ දුවේ.