Tip:
Highlight text to annotate it
X
ජලයේ සිහින දකින්නෝ.
සුභ උදෑසනක් ළමයි.
සුභ උදෑසනක් ජෝන්ස් මහත්මිය.
අද අපි පංතියෙ ඉගෙනගන්නේ ගුණ කිරීම සහ බෙදීම.
ඔයාල බවරද ළමයි?
තාම නැහැ ජෝන්ස් මහත්මිය.
තව විනාඩි දෙකක් දෙන්නම්. ඊට පස්සේ අපි උත්තර බලමු.
7 වැඩි කිරීම 11 කීයද ළමයි?
රෑඩි නැගිටින්න
ඇයි එරන්?
77යි ජෝන්ස් මහත්මිය
ම්ම්…?
එපා දරැවෝ, කරැණාකරල අවධානයෙන් ඉන්නවාද? ඔයා ඉන්නේ පංතියේ.
හරිම රස්නෙයි මිස්
ඔව් මිස්, අද හරිම රස්නෙයි. අපිට එළියට ගිහින් වතුරත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්ද?
හරි ළමයි, මම දන්නවා අද රස්නෙ වැඩි දවසක් කියලා. ඒත් එකතු වෙලා වැඩ කරමු, තව පැයයි තියෙන්නේ අපිට.
අයියෝ මිස්… තව පැයක්?
ඔයාල හොඳට වැඩකරනවා ළමයි. මම දන්නවා හරිම රස්නෙයි කියලා. දිගටම වැකරන්න. දැන් දවල් කෑමටත් ලඟයි.
අදට ළමයිත් එක්ක වැඩ කෙරැවා ඇති. තේකක් බොන්න ඕන.
ඔයාලට ළමයි වතුරත් එක්ක සෙල්ලම් කරන්නද ඕන?
ඔව් මිසිස් ජෝන්ස්. අද හරිම රස්නෙයි.
මම ඔයාලත් එක්ක ගණුදෙනුවක් කරනවා, ඔයාලට පුලුවන් නම් ඊලඟ විනාඩි 20ත් අවධානය යොමු කරන්න,
මාත් එක්ක ඔයාලත් මහන්සිවෙලා වැඩ කරනවා නම්, මම ඔයාලව එක්කන් යනවා සෙල්ලම් කරන්න.
යේහ්…! ස්තූතියි ජෝන්ස් මහත්මිය.
හරි ළමයි. අන්න බෙල්එක ගැහුවා. යන්න ලැහැස්ති වෙන්න.
ගිහින් ඇඳුම් මාරැකරගෙන තුවා අරන් එන්න. මම හෝස් එක ගේන්නම්.
යේහ්!!!
හරි ළමයි!