Tip:
Highlight text to annotate it
X
කිඹුලාගේ හඬ
කුණු ගොඩයි, මට බැහැ තවත් මේව උස්සගෙන යන්න.
මේව ඇලට විසකරල දාමු.
ඇයි ඔයා ඒවා ඇලට දැම්මේ?
කාෙගද ඒ කටහඬ?
කවුද ඔයා?
ඒ ඔයාද?
අම්මෝ! කිඹුලෙක්!!
ඊයෙ අපි දැක්ක කිඹුලා අදත් හිටියොත් මම ඌට අද ගහනවා.
මමත් ගහනවා. මම බය නැහැ ඌට.
ඇයි ඔයාල තාමත් මගේ ඇලට කුණු දාන්නේ?
ඒකෙන් ඔයාට වැඩක් නැහැනේ? මේ ඔයාගේ ඇලක් නෙමෙයිනේ?
අපිට ඒවා දාන්න පුලුවන්.
දැන්ම ම ඒවා ගොඩට ගන්න.
බැහැ.
මෙන්න මෙහෙට එන්න අපි බය නැහැ. ඔයා නිකම්ම නිකන් කිඹුලෙක් විතරයි.
හහ් හා, මිනිස්සු හැම වෙලාවෙම ඉන්නේ මැරෙන්නේ බයෙන්.
ඇයි ඔයාල ආපහු මෙහෙට ආවේ?
අපිට ඕන ඔයාගෙන් සමාව ගන්න, කරැණාකරලා ආපහු අපේ පස්සෙන් එන්නේ නැතුව ඉන්නවාද?
අනේ... කරැණාකරලා...
කරැණාකරල අපිට සමාව දෙන්න.
මම ඔයාලට සමාව දෙන්නේ නැහැ.
අපි කුණු ඔක්කොම ආපහු ගොඩට ගන්නම්. අපි සමාව දෙන්න.
බැහැ! මම ඉස්සෙල්ලම ඔයාලව කාලදානවා.
අපිට දැන් හරිම බයයි. කරැණාකරලා!
හරි. ඔයාලට සිද්ධවෙනවා දාපු කුණු සේරොම ආපහු ගොඩට ගන්න.
හරි. ඔයාට ගොඩක් ස්තූතියි. බායි...
ඔයා තමයි මට කිව්වේ එතෙන්ට දාන්න කියලා.
ඔයයි කිව්වේ, මම නෙමෙයි.