Tip:
Highlight text to annotate it
X
ජල රකුසා
යාලුවනේ, මට හරි රස්නෙයි. මම යනවා ටැප් එකෙන් වතුර බොන්න. ඔයාලත් එනවද?
මාව තෙමුවට ගොඩක් ස්තූතියි ඔයාලට, යාලුවනේ.
මම තමයි ජල රකුසා, ඔයාලා වතුර නාස්තිකරන එක දිගටම කෙරුවොත් අනාගතය අපිරිසිඳු එකක් වෙයි.
මේව කුණු.
මේ තමයි මගේ කාල යන්ත්රය, මේකෙන් තමයි මම ඔයාලව අනාගතයට යවන්නේ.
ඔයයි, ඔයයි එන්න ඇතුලට.
ඔයයි ජෝර්ජියයි එන්න ඇතුලට.
මේ තමයි අනාගතය, බහින්න එලියට.
මහුදු වෙරළ!
අල්ලන්න එපා ඒක! ඒක අපිරිසිඳුයි. ඔයාගේ හම පිච්චේවි.
Where is all the water? කෝ මෙහෙ තිබුණ වතුර?
වතුර සේරම විනාශ වෙලා. මිනිස්සු හැම වෙලේම වතුර නාස්ති කරණවා.
හරිම රස්නෙයි! අපිව ගෙදර එක්කන් යන්න දැන්!
බැහැ. තව දේවල් තියෙනවා ඔයාලට පෙන්නන්න.
අපි තාම ආපහු ගියේ නැහැ. තාම ඉන්නේ අනාගතයේ. අපි යමු බර්ගර් කඩේට. ගොඩක් දේවල් තියෙනවා පෙන්නන්න.
කෝ මෙහේ තිබුණ බර්ගර් කඩේ?
එයාල ඒක වහල දැම්මා, මොකද එයාලට ඒකට වතුර ඕන.
ඉස්කෝලෙත් ළමයි අඩුයි, මොකද වැඩ කරන්න ළමයින්ට ශක්තිය නැහැ.
මොකද ඔයාගේ තොප්පියට වුණේ?
කාල යන්ත්රයෙදි ඒක වෙනස් වුණා.
දැන් අපි ගෙදර යමුද? යමු.
පාසලේ ළමයින් හතරදෙනෙක් අතුරැදන් වී බව වාර්තා වුණා.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, දරැවන් පිරිස් සෙල්ලම් කරන අතරතුර වතුර බීමට යාමේදී අතුරැදන් වූ බවයි.
දෙයියනේ… මේ ජොආනා නේද? මගේ ප්රියතම නිවේදිකාව. හැමදාම රාත්රියට මම බලනවා.
ඔයාලගේ නම් මොනවද?
මම ක්ලිඕ. මම ජෝර්ජා.
මම බොබ් මේ ඉන්නේ ෆ්රෑන්ක්.
දෙයියනේ… ඔයාල නේද අර අතුරැදන් වුණ ළමයි ටික. කොහෙද ඔයාල හිටියේ?
අපි හිටියේ අනාගතයේ, අපි ගියා වෙරළට. වතුර පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. මොකද අපි හැමෝම වතුර නාස්තිකරලා නිසා.
ඔව්. අපි ආසම බර්ගර් කඩේත් වහල. එයාලට ඒක කරගෙන යන්න වතුර නැහැ.
ඉස්කෝලෙත් ළමයි අඩුයි. මොකද ඉස්කෝලෙ යන්න ළමයින්ට ශක්තිය නැහැ.
හැබැයි අපි ජල රකුසාගෙන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්තා.
කොහෙද එයා ගියේ?