Tip:
Highlight text to annotate it
X
කපුටාගේ කතාව. ගොල්බර්න් දිවයිනේ එක් සුරංගනා කතාවක්.
එකමත් එක කාලයක ගොල්බර්න් දිවයින කියලා දූපතක් තිබුණා.
කපුටු මිනිසා සහ ඔහුගේ වර්ගයේ අය එහි වාසය කළා.
මුහුදු රාජාලියන්, ඔයිස්ටර් පිකර් සහ සීගුල්ස් වැනි පක්ෂීන්ද එහි වාසය කළා.
එයාලා හරියට මිනිසුන් වගේමයි. ඇවිදින්නෙත් මිනිසුන් වගේමයි.
ඔවුන්ගේ මුහුණේ තිබුණේ කුරැල්ලන්ගේ වගේ පුංචි හොටක් විතරයි.
ඒ අය එකතුවෙලා කකුලුවෝ දඩයම් කරන්න සහ මාලු අල්ලන්න යනවා, බඩ ගින්නේ ඉන්න අනිත් අයට කන්න දෙන්න.
මුහුදු රාජාලියා මාලු අල්ලන්න හෙල්ලක් භාවිතා කරනවා.
ඔයිටර් පිකර් බෙල්ලන්ව හොයනවා.
සීගුල් හොයන්නේ කටුස්සන්ව.
එයාලා අල්ලපු හැමදේම ගෙනාව කඳවුරට බෙදාගන්න.
කඳවුරට ආවහම එයාල දැක්කා කපුටු මිනිසා නිදාගෙන ඉන්වා.
කපුටු මිනිසා හරිම කම්මැලියි. කෑම හොයන්නවත්, කෑම උයන්නවත් එයා කවදාවත් අනිත් අයට උදව් වුණේ නැහැ.
අනිත් අය හැමෝම එකතුවලා කතාවුණා කපුටාගේ කම්මැලිකම ගැන.
එයා අපිට උදව් කරන්නේනැහැ. ඒ නිසා අපි එයාව පෝෂණය කරන්න ඕන නැහැ.
ගිණි මැලයක් ගහල අනිත් අය කෑම උයලා ලැහැස්ති කෙරැවා.
එයාලා වාඩි වුණා කෑම කන්න.
කපුටා පටන් ගත්තා අනිත් අයගෙන් කෑම ඉල්ලන්න.
අනිත් අය කිව්වා, "ඔයා උදව්කරේ නැති නිසා අපි ඔයාට කෑම දෙන්නේ නැහැ"
කපුටා ආයෙමත් නිදාගත්තා. අනිත් අය කාල ඉතුරැවුණු කටු ටික දැම්මා කපුටට කන්න.
ඒකෙන් කපුටට ගොඩක් තරහ ගියා.
කපුටා තීරණය කෙරැවා මිනිස්සු හබල් හදන්න ගන්න ගහ කපල දාන්න.
ඒ අනිත් අයට මාලු අල්ලන්න යන්න බැරිවෙන්න.
එයා ගහ කපද්දි වතුර එළියට එන්න ගත්තා.
දූපත දෙකඩවෙන්න තරම් ලොකු වතුර ප්රමාණයක් ආවා.
මිනිස්සුන්ට තටු ඇවිත් එයාලා වෙනස් වුණා. එයාල ඈතට පියාඹලා ගියා.
කපුටු මිනිසාත් වෙනස්වෙලා ඈතට පියාඹලා ගියා.
අදටත් කපුටා හැමතැනම පියාඹමින් මිනිස්සුන්ගෙන් කෑම ඉල්ලනවා.
ගොල්බර්න් දිවයිනේ පාරම්පරික ප්රජාවට අපගේ ස්තූතිය