Tip:
Highlight text to annotate it
X
පිහිණුම් උපදේශනය - වැරදි අයුරින්
ඉක්මනට යන්න.
මට පිහිනන්න බැහැ.
මම ඔයාට උගන්වන්නම්.
යන්න
යන්න පල්ලෙහාට.
ඉස්සෙල්ල මට මගේ ටී-ෂර්ට් එක ගලවන්න දෙන්න.
නිකම් පිහිනන්න. යන්න ඈතට.
තෙත්තේ, මගේ කෙන්ඩ පෙරලුනා.
කෙන්ඩ පෙරලෙන්නේ නැහැ. පිහිනන්න.
කෝ අපේ පුතා?
එයා අර පිහිනන්නෙ අරෙහෙ.
Mother: අත්තට? Father: ඔව්.
අර අරෙහෙ. ඔයා අන්ධයිද?
කොහෙද? මට එයාව පේන්නෙ නැහැ.
අනේ දෙයියනේ, ඔයාට ඕන අපේ පුතා මැරෙනව දකින්නද? ගිහින් ඉක්මනට එයාට උදව්කරන්න.
හරි, මට උදව් කරන්න ඉඩ දෙන්න.
උදව්කරන්න, අනේ උදව්කරන්න.
මම එනවා.
අද කෑමට බෙල්ලො එකතුකරගන්න ඕන.
අනේ දෙයියනේ, මගේ පුතාට උදව්කරන්න, අනේ ඉක්මනට උදව්කරන්න.
ඇයි මොකද?
මගේ මහත්තයා අපේ පුතාට ගඟට යන්න කිව්වා. ඒත් එයාට පිහිනන්න දන්නේ නැහැ.
ඉක්මනට යමු එයාට උදව්කරන්න.
එයාගේ ඔලුව උස්සන්න.
හ්ම්… එයාට ආපහු සිහිය ආවා.
වාසනාවන්තයි, ඔයා ජීවත් වෙනවා. ඔයා නැතිවුණානම් අපිට ජීවිත කාලයම විඳවන්න වෙනවා.
මම තාම ජීවත් වෙනවා.
දරැවන්ට පිහිනන්න උගන්වන එක ගොඩක් හොඳයි. ඒත් හරියට කියල දුන්නේ නැත්නම්, ඒක අනතුරැදායක වෙන්න පුලුවන්.
මට තේරැණා. මීට පස්සේ මම එයාට හරියටම කියල දෙන්නම්.
ස්ත+තියි ඔයාට. ඔයා හිටියේ නැත්නම් මගේ දරැවට ලොකු අනතුරක් වෙන්න තිබුණා. ගොඩක් ස්තූතියි ඔයාට.
ඒකට කමක් නැහැ. දැන් ගෙදර ගිහින් එයාගැන බලන්න.
යනවා ගෙදර.