Tip:
Highlight text to annotate it
X
කිඹුලා සහ ළමයා
හුඟක් ඉස්සර පොඩි කිඹුල් පැටියෙක් හිටියා දුර පලාතක ගඟක.
ඒ කිඹුල් පැටියට තිබුණා සිහිනයක්, කවද හරි දවසක ලොකු කිඹුලෙක් වෙන්න. ඒත් එකට කෑම හොයාගන්න එක එයාට ගොඩක් අමාරැ දෙයක් වුණා.
ඒ නිසා එයා දුර්වල වෙලා ගොඩක් දුකෙන් හිටියෙ.
එයා ගං ඉවුරට ඇවිල්ලා කෑම හොයාගෙන එයාගේ සිඑිනය සැබෑ කරගන්න උත්සාහ කෙරැවා.
පුංචි දරැවෙක් දැක්කා මේ කිඹුල් පැටියා ගං ඉවුරේ අසරණ වෙලා ඉන්නවා. ඒ ළමය කිඹුල් පැටියාව ආයෙමත් වතුරට දැම්මා.
කිඹුල් පැටිය ගොඩක් සතුටු වෙලා අර ළමයට ස්තූති කරන්න ඕන වුණා.
කිඹුලා කියනවා "ඔයාට මොනව හරි ඕන වුණොත් කරැණාකරල මට කියන්න මම උදව් කරන්නම්" ඔයා මගේ ජීවිතය බේරැවා
අවුරැදු කිහිපයකට පස්සේ අර ළමයා කිඹුලගෙන් උදව් ඉල්ලගෙන ආවා. කිඹුලා එතකොට ගොඩක් ලොකු වෙලා හිටපු නිසා ළමයට උදව් කරන්න ඕන වුණා.
ළමයා කියනවා - "කිඹුල් යාලුවේ මට තියෙනවා සිහිනයක් ලෝකය දකින්න"
කිඹුලා කියනවා - "එන්න මගේ උරහිසේ වාඩි වෙන්න. අපිට පුලුවන් රවුමක් ගිහින් ලෝකයේ ලස්සන බලන්න"
ළමයා කියනවා - "අපි හෙට උදෙන්ම යමු"
එයාල ලෝකය වටේ යන ගමන පටන් අරන් ගොඩක් ලස්සන දේවල් බලා ගත්තා.
කිඹුලා එයාගේ යාලුවට කියනවා - "අපි දැන් ගොඩක් වෙලා සංචාරය කෙරැවා, දැන් මට යන්න වෙලාව හරි. ස්තූතියි මගෙත් එක්ක ආවට."
ඒ වගේම කිඹුලා කියනවා - "ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි සතුටින් ජීවත් වෙන්න පුලුවන්, ලස්සන තැනක් මම තබා දෙන්නම්"
තවත් වසර ගණනාවකට පස්සේ කිඹුලෙග් මුහුණේ හැඩරැව වෙනස් වුණා. ඒ විදියට තමයි ටිමෝර් ලස්තේ කියන පුංචි දිවයින බිහිවුනේ.